ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහාය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් මහතා පැවසීය.
අමාත්‍ය සිනොඩිනස් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(15) කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එසේ පැවසූ සිනොඩිනස් මහතා නවෝත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා දීමට ද තමන් සූදානම් බව කීවේය.



