ශ්‍රී ලංකාවේ උපන් තරුණියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට


 

ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්ත පුරවැසිභාවය හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

නවසීලන්ත මහ මැතිවරණය ඊයේ (17) පැවැත්වුණු අතර ඉන් ජය ලබමින් ඇය එලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරැ පක්ෂයෙන් වනුෂි මැතිවරණයට ඉදිරිපත් වූවාය.

නවසීලන්ත දේශපාලන ඉතිහාසයේ පෙරුළියක් කරමින් මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ජසින්ඩා ආඩෙන්ගේ කම්කරැ පක්ෂය සමත් විය.

 ඒ අනුව තනි ආණ්ඩුවක් පිහිටුවීමට ආඩෙන්ගේ කම්කරැ පක්ෂයට හැකියාව ලැබී තිබේ.

වයඹ දිග ඕක්ලන්ඩ් ආසනයෙන් ඇය පාර්ලිමේන්තුවට තරග වැදුණු අතර එහිදි තියුණු තරගයකින් පසු ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජේක් බෙසාන්ට් පරාජය කිරීමට ඇය සමත්වූවාය.

 වනුෂිගේ ප්‍රතිවාදියා වූ ජේක් බෙසාන්ට් තාක්ෂණික සමාගම හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු සහ හැමිල්ටන් නගර ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වේ. 

බෙසාන්ට් නවසීලන්තයේ ජාතික පක්ෂය නියෝජනය කරයි. වනුෂි ඡන්ද 14,142ක් ලබාගැනීමට සමත්වූ අතර බෙසාන්ට් ට හිමිවූයේ ඡන්ද 12,727ක් පමණි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස්, නවසීලන්තයට සංක්‍රමණය වෙද්දී ඇගේ වයස අවුරැදු 5 කි. අද, 39 හැවිරිදි ඇය, මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක සහ සමාගම් කළමනාකාරිනියක ලෙස රුකියාව කරයි. 

වනුෂි වසර 6 ක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ, විදෙස් නියෝජිතවරියක ලෙස ද කටයුතු කළාය. ඇය නීතීඥවරියක වූයේ ජාත්‍යන්තර අත්දැකීම් රුසක් සමගිනි.

නවසීලන්ත මාධ්‍ය ඇසුරිනි 

(055)