ශ්‍රී ලංකාවෙන් ගෙනගිය රත්තරන් කිලෝ 16 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට


(ද හින්දු ඇසුරිනි-055)

ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ බවට සැක කෙරෙන රත්තරං කිලෝග්‍රෑම් 16.32 ක් ඉන්දියාවේ රාමනාතපුරම් හිදී ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශ විසින් ඉරිදා (26) රාත්‍රියේ දී අත්අඩංගුවට පත්ව තිබේ.  

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම රත්තරං ශ්‍රී ලංකාවේ සිට මුහුදින් ඉන්දියාවට ගෙන එන්නට ඇතැයි ඉන්දීය බුද්ධි අංශ සැක කරයි.