ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්


(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 48.1 කදී ලකුණු 243 කට සීමාවිය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.88 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 244 ක් රැස්කළ යුතුය.

දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

මැද පෙළ පිතිකරු කේසි කාටි පන්දු 96 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිල සටනක් දියහැකි තත්වයට රැගෙන ඒමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 243 (ජොන්සන් චාල්ස් 39,  කේසි කාටි 87, රොමාරියෝ ෂෙපෙර්ඩ් 26, මහීෂ් තීක්‍ෂණ 34/4, දුෂාන් හේමන්ත 49/2)