( තිළිණි ද සිල්වා)
ශී‍්‍ර ලංකාව් සංහිඳියා කි‍්‍රයාවලිය සවිබලගැන්වීම සහ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම වැඩසටහන් දෙකක් කි‍්‍රයාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42කට (ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 600ක්) ආසන්න මූල්‍යාධාර පිරිනැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
මෙම මූල්‍යාධාර යටතේ මෙරට කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 30 ක්ද ලබාදුන් බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම මූල්‍යාධාර සඳහා වන ගිවිසුම් වලට යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ශ‍්‍රී ලංකා හා මාලදිවයින් තානාපති තුං-ලායි මාග් සහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

