ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය ජය ගනී


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හිදී ඊයේ (25) පැවැති තුන්වැනි විස්සයි20 තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 169ක් රැස් කර ගැනිමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු පහක් දැවී ලකුණු 170ක් ලබා ගත්හ.

තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර වාර්තාව සඳහා http://tinyurl.com/hqssa9y වෙත පිවිසෙන්න

තරගයේ විස්තරාත්මක වාර්තාවක් සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න