ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි


(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ලෙස බුලවායෝහිදී ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ අපරාජිත ‘සුපිරි හය’ වටයට පැමිණියේය.

දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

පැතුම් නිස්සංක පන්දු 85 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245 (පැතුම් නිස්සංක 75, සදීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, මාර්ක වොට් 52/5 ක්‍රිස් ග්‍රිව්ස් 32/4) ස්කොට්ලන්ත පිල ඕවර 29 කදී සියලු දෙනා දැවී 163 (ක්‍රිස් ග්‍රැවිස් නොදැවී 56, මහීෂ් තීක්‍ෂණ 41/3, වනිඳු හසරංග 42/2)