ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි


(යොහාන් භාසුර)

පාකිස්තානයේදී පැවැත්වෙන  විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී  අද (22) පැවැති තරගයේදී සත්කාරක පාකිස්තානය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ පිටපිටම ලැබූ දෙවැනි පරාජය මෙය වේ.

පාකිස්තානය ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 15.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 ට කඩුලු 7 ට 128

(පැතුම් නිස්සංක 17, කමිල් මිෂාර 22, කුසල් පෙරේරා 25, ජනිත් ලියනගේ නොදෙවී 41, මොහොමඩ් නවාස් 16/3)
පාකිස්තානය ඕවර 15.3 කදී කඩුලු 3 ට 131

(සයිබ්ශාදා ෆර්හාන් නොදෙවී 80, සයිම් අයුබ් 20, බාබර් අසාම් 16, දුෂ්මන්ත චමීර 29/2)