( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ සංහිදියාව හා යුක්තිය ඇති කිරිමට උපරිම සහයෝගය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී.
මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කල යෝජනාවේ අරමුණ ද එය බව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදේ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය සඳුදා දිනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබීය.
එම යෝජනාවට බ්‍රිතාන්‍ය, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යනරටවල් එම යෝජනාවට සත්කාරත්වය ලබාදී ඇති අතර ශ්‍රී ලංකා රජයද ඊට සහයෝගය ලබාදී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකාව තුළ සංහිදියාව හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට ලබාදිය හැකි උපරිම සහයෝගය වත්මන් රජයට ලබාදෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

