(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කෝන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (27) රාත්‍රී සමත් විය.
රාවල්පින්ඩිහිද අද පැවැති පළමුවටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 6 කින් සත්කාරක පකිස්තානය පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගය රාවල්පින්ඩිහිදී හෙට (29) රාත්‍රී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 184
(කමිල් මිෂාර 76, කුසල් මෙන්ඩිස් 40, ජනිත් ලියනගේ නොදැවී 24, දසුන් ශානක 17, අබ්රාර් අහමඩ් 28/2)
පාකිස්තානු පිල ඕවර 20 කදී කඩුලු 7 ට 178
(සයිම් අයුබ් 27, සල්මන් අගා 63, උස්මාන් ඛාන් 33, මොහොමඩ් නවාස් 27, දුෂ්මන්ත චමීර 20/4, ඒෂාන් මාලිංග 54/2)

