රංගන හේරත්ගේ (157/12) විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (19) අවසන් වූ දෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල 1.0 ක් ලෙස තරගාවලියේ ජය ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ලකුණු 160 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. දෙවැනි ඉනිමේදී කුමාර් සංගක්කාර (55) සහ තිලකරත්න ඩිල්ෂාන් (57) අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ.
රංගන හේරත්ගේ 35 වැනි උපන් දිනය වූ අද (19) ඔහු ටෙස්ට් කඩුලූ 200 සම්පූර්ණ කිරීම කැපී පෙනේ. හේරත් මේ වන විට ටෙස්ට් තරග 47 කදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගත් අවස්ථා තුනක් සමගින් කඩුලූ 200 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 200 ක් දවාගත් තෙවැනි ක‍්‍රීඩකයා බවට හේරත් පත්විය. මුත්තයියා මුරලිදරන් (795) සහ චමින්ද වාස් (355) හේරත්ට ඉදිරියෙන් සිටිති. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලූ 800 ක් දවාගෙන ඇති අතර ඉන් කඩුලූ 5 ක් ලෝක කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන තිබේ.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (18) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 52 ක් ඉදිරියෙන් සිටි බංග්ලාදේශ දෙවැනි ඉනිම ඊයේ දිවා විවේකය වන විට ලකුණු 265 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
රංගන හේරත්, බංග්ලාදේශ දෙවැනි ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 89 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය. හේරත් ඉනිම දෙකේදීම ලකුණු 157 කට කඩුලූ 12 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
දෙවැනි ඉනිමේදී ලකුණු 89 කට කඩුලූ 7 ක් දවාගැනීම හේරත්ගේ ඉනිමක දක්‍ෂතම පන්දු යැවීම මෙන්ම ලකුණු 157 කට කඩුලූ 12 ක් දවාගැනීම තරගයක දක්‍ෂතම පන්දු යැවීම ද වේ.
මෙම තරගාවලියේදී ලකුණු 441 ක් රැස්කළ කුමාර් සංගක්කාර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 23 වැනි සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 240 සහ දෙවැනි ඉනිම ඕවර 100.4 කදී සියලූ දෙනා දැවී 265
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 111.3 කදී සියලූ දෙනා දැවී 346 සහ දෙවැනි ඉනිම ඕවර 41.4 කදී කඩුලූ 3 ට 160 (තිලකරත්න ඩිල්ෂාන් 57, කුමාර් සංගක්කාර 55, ළහිරු තිරිමාන්න නොදැවී 13, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 13, රොබියුල් ස්ලාම් 42/2)
(ඡයාරූප: ශාන්ත රත්නායක)