සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශාන්ත කිට්ස්හිදී ඊයේ (06) ආරම්භ වූ පළමු සිවුදින තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 310 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට අෂාන් ප‍්‍රියංජන් නොදැවී ලකුණු 51 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිමුත් කරුණාරත්න පන්දු 159 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය. 22 හැවිරිදි ටෙස්ට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ ලකුණු 62 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 5 ට 310
(උදාර ජයසුන්දර 57, දිමුත් කරුණාරත්න 101, කිත්රුවන් විතානගේ 62, කෞෂාල් සිල්වා 26, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 51, නිකිතා මිලර් 93/4)
(●●)