ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තායිලන්තයේ සංචාරයක


තායිලන්තයේදී පැවැත්වෙන අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරග මාලා දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරක් ඊයේ (1) දිවයිනෙන් පිටත්ව ගියහ. තෙවැනි කැන්හොම් - වෑන්ග් ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය හා 13 වැනි ”ශමිලා” ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙලෙස සහභාගි වෙයි. වසර පහකට පමණ පසු ශ්‍රී ලංකාවේ නම ගිය වෙරළ වොලිබෝල් කී‍්‍රඩකයන් දෙදෙනකු වන ආසියානු ලෝකඩ පදක්කම්ලාභී වසන්ත රත්නපාල හා මහේෂ් අබේසිංහ නොමැතිව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු වෙරළ වොලිබෝල් (පිරිමි) තරගාවලිය මෙයයි. තේරීම් තරගවලදී අසංක ප‍්‍රදීප් කුමාර හා මලින්ත යාපාට ඔවුන් පරාජය වූ අතර ඔවුන්ට මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේදී ද පරාජයට පත්වීම කැපී පෙණුනි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් බහුතරයක්ම ගුවන් හමුදාව නියෝජනය කරයි. තායිලන්ත තරග මාලා ලබන අපේ‍්‍රල් 7 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග මාලා සඳහා රටවල් 16කින් කණ්ඩායම් සහභාගි වෙති. තායිලන්ත අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරග මාලා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් (පිරිමි): ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායම - පුබුදු ඒකනායක හා සම්පත් පීරිස් ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම- අසංක ප‍්‍රදීප් කුමාර හා මලින්ත යාපා (කාන්තා) ශ්‍රී ලකා ”ඒ” කණ්ඩායම- ගීතිකා ගුණවර්ධන හා තක්ෂිලා ගුණසිංහ ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම- නිරෝෂා ගුණසිංහ හා බී.ජී. ගුණසිංහ (නිලධාරීන්) කළමනාකරු- මහින්ද සෙනරත් බණ්ඩාර හේරත්, පුහුණුකරු ඩබ්.ඒ.පී. උදයකුමාර, සහය පුහුණුකරු- දම්මික සිල්වා හා සම්භාහක: ශිරාන් ප‍්‍රනාන්දු යන මහත්වරු.