ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 39-8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 6-3 කින් පෙරමුණේ පසු විය. ජයග‍්‍රාහි ශ්‍රී ලංකා පිල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය. චීන තායිපේ පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ෆාසීල් මරීජා උත්සාහක දිනුම් දෙකක්, චාමර දාබරේ, යෝෂිත රාජපක්‍ෂ සහ සුමේධ මාලෙවන උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ. රීසා මුබාරක් ගෝල ප‍්‍රවර්ථන තුනක් සහ දඩුවම් පහර දෙක ද, මොහොමඞ් ෆෙරීෆ් ගෝල ප‍්‍රවර්ථනයක් ද සාර්ථක කළහ.
(ඡයාරූප: ශාන්ත රත්නායක)