ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 13 ක් අත්අඩංගුවට


ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිසට අයත් ට්‍රෝලර් යාත්‍රා 2ක් ද නාවික හමුදා භාරයට පත් විය.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට සහ කරේයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතන වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂකට භාර දීමට නියමිතය.