ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව පිළිබඳව පවතින ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනයන්නේ නැත්තේ තමන්ද අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමයේ සාමාජිකයකු වන නිසා බවත්, එසේ කිරිම තමාට මෙන්ම රටටත් ලැජ්ජාවට කාරණයක් බවත් හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරයකු වන මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ 2013 වසරේ පැවති නිලවරණය නීත්‍යානුකූල නොවන බව ප‍්‍රකාශ කරමින් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අනුබද්ධ සංගම් කිහිපයක් එක්ව කී‍්‍රඩා අමාත්‍යවරයාට යොමුකළ පැමිණිල්ලට කී‍්‍රඩා අමාත්‍යවරයා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ පුවත් පත් සාකච්ඡවකදී මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
වසර 2013 බැඞ්මින්ටන් සංගම් නිලවරණය දූෂිත නිලවරණයක් බව දන්වමින් තමන් සහ බැඞ්මින්ටන් සංගමයේ අනුබද්ධ සංගම් 11 න් 6 ක් එක්ව කී‍්‍රඩා අමාත්‍යවරයාට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂක ජනරාල්වරියට පැමිණිළි කළත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන තමන් ඇතුළු බැඞ්මින්ටන් සංගම් වල පැමිණිල්ල මගහැරීමට කී‍්‍රඩා අමාත්‍යංශය උත්සාහ කරන බවද මහාචාර්ය රන්ජිත් ද සිල්වා මහතා පැවසීය.
කී‍්‍රඩා රෙගුලාසි අංක 29 අනුව වාර්ෂික නිලවරණයට පෙර විගණනය කළ ගිණුම් වාර්තා ජාතික සම්මේලනයේ අනුබද්ධ සංගම් වලට ලබාදිය යුතු වුවත් 2010, 2011 සහ 2012 වර්ෂ වල විගණනය කළ ගිණුම් වාර්තා මේ වන තුරුත් අනුබද්ධ සංගම් වලට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය අපොහොසත්වී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
මහාචාර්ය රන්ජිත් ද සිල්වා මහතාට සහය දක්වමින් තවත් හිටපු ජාතික ශුරයකු මෙන්ම බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති වරයාද වන එල්. ආර්. ආරියරත්න මහතා කියා සිටියේ නව කී‍්‍රඩා රෙගුලාසි අංක 13 (1) සහ (2) වගන්ති වලට අනුව අනුබද්ධ සංගම් වලින් පිටස්තර පුද්ගලයන් ජාතික සංගමයට පත්වන්නේ නම් කී‍්‍රඩා අමාත්‍ය වරයාගේ අනුමැතිය ලබාගතයුතු වුවත්, එසේ නොමැතිවම ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ හිටපු ¥ෂිත සාමාජිකයන්ගෙන් 90% ක් පමණ නැවතත් සංගමයට පත්වී ඇති බවත්ය.
බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ නිරත නොවූ අයකුට සභාපති ධූරය සඳහා තරග වැදීමට අවසර දුන් කී‍්‍රඩා අමාත්‍ය වරයා, හිටපු බැඞ්මින්ටන් ජාතික ශූරයන් ඇතුළු තවත් ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් කිහිපදෙනකුගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේපවූ විට කිසිදු පියවරක් නොගත් බවත් එනිසා තමන් ඇතුළු පිරිසට මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට සිදුවූ බවත් ආරියරත්න මහතා පැවසීය.
බැඞ්මින්ටන් නිලවරණය සඳහා සුදුසුකම් ලබාසිටියේ අනුබද්ධ සංගම් 11 ක් පමණක් වුවත් ඡුන්ද හිමිකම නොතිබූ ඌව සහ වයඹ සංගම් වලට බැඞ්මින්ටන් සංගමය විසින් ඡුන්ද බලයදී හිටපු දූෂීත නිලධාරීන්ම නැවතත් බලයට පත්කරගැනීමේ කූට උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ නිසාත්, උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාත් සංගම් වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු ඡුන්ද සංඛ්‍යාව නොදීම නිසාත් ඡුන්ද හිමි සංගම් 11 න් 6 ක් නිලවරණයෙන් ඉවත් වීගිය බවද මෙම මාධ්‍ය හමුවට පැමිණි නියෝජිතයෝ පවසා සිටියහ.
බහුතර සංගම් ප‍්‍රමාණයක් මෙම නිලවරණයට සහභාගී නොවී වර්ජනය කිරීම හේතුවෙන් නිලවරණයක් පැවැත්වීමට අවශ්‍ය ඝණපූර්ණය මෙම නිලවරණයේදී නොතිබූ බවද නීතීඥ මොහාන් විජේසිංහ මහතා පැවසීය.