ශ්‍රී ලංකා පිල ලකුණු 323 ක් රැස්කරයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් රැස්කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන් පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.48 ක සමාන්‍යයක් පවත්වමින් ලකුණු 324 ක් රැස්කළ යුතුය.

කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 75 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 78 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 323 (පැතුම් නිස්සංක 43, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිසස් 78, සදීර සමරවික්‍රම 44, ධනංජය ද සිල්වා නොදැවී 29, දසුන් ශානක 23, වනිඳු හසරංග නොදැවී 29, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)