ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත් විය.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 128 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 125 ක් රැස්කරමින් සිය 16 වැනි එක්දින ශතක වාර්තා කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 302
(කුසල් ජනිත් 56, තිලකරත්න ඩිල්ෂාන් 125, කුමාර් සංගක්කාර 48, ළහිරු තිරිමාන්න නොදැවී 25, අබ්¥ර් රසාක් 62/5)
(ඡයාරූප: ශාන්ත රත්නායක)