ශ්‍රී ලංකා පිල ලකුණු 233 ක් රැස්කරයි


(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේහිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස්කළේය.

නෙදර්ලන්තය ශූරතාව දිනාගැනීමට නම් ඕවරයකට ලකුණු 4.68 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 234 ක් රැස්කළ යුතුය.

සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 233 (පැතුම් නිස්සංක 23, සදීර සමරවික්‍රම 19, කුසල් මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 57, චරිත් අසලංක 36, වනිඳු හසරංග 29, ලොගන් වෑන් බී්‍රක් 40/2, වික්‍රම්ජිත් සිං 12/2, රයන් ක්ලීලින් 42/2, සකීබ් ෂුල්ෆිකාර් 59/2)