ශ්‍රී ලංකා පිල ලකුණු 161 යි


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත් විය.

මහේල ජයවර්ධන පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා පන්දු 15 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 4 ට 161

(කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)