ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2016/ 2017 වසර සඳහා වන නව ලේකම්වරයා ලෙස නීතීඥ අමල් රන්දෙණිය මහතා තේරී පත්විය.
නීතීඥ සංගම් නිලවරණය ඉකුත් 17වැනිදා පැවැත්වූ අතර අද(19)නිකුත් වූ එහි සමස්ත ප්‍රතිඵල වලට අනුව නිලවරණයේ 4462ක්වූ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 2000ක් ලබා ගනිමින් රන්දෙනිය මහතා ලේකම්ධූරයට තේරී පත් ඇත.
මෙම ධූරය සඳහා තරඟ කළ නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා ඡන්ද 1763ක් ද ලබා ගනිමින් දෙවැනි ස්ථානයටද, ඡන්ද 684 ලබා ගනිමින් නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා තෙවැනි ස්ථානයට ද පත්ව සිටී.
වසර 18 කාලයක් නීතීඥ අමල් රන්දෙණිය මහතා නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන අතර,හෙතෙම කාලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගම් සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

