ශ්‍රී ලංකා ධිවරයින් නිදහස් කිරීම ඉන්දියාව පමා කරයි


(නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි - 055)

ඉන්දියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් නිදහස් කිරීම මාර්තු 23 වැනිදා දක්වා කල්යනු ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වාර්තා කරයි. 

චෙන්නායි නුවර අධිකරණයක් ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කිරීමත් සමඟ මෙම ප්‍රමාදය ඇති ව තිබේ.

දෙරටේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කිරීමට අද දෙරටේ එකඟත්වය පළ කෙරුණු අතර ඒ අනුව මෙරට නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 85 දෙනකු නිදහස් කිරීමටත් ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 19 දෙනකු නිදහස් කිරීමටත් දෙරටේ බලධාරීහූ එකඟත්වයක් ඇති කරගත්හ.