කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මුම්බායිහිදී අද (05) පැවැති දිවා/රාත‍්‍රි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 138 කින් සත්කාරක ඉන්දීය පිල පරාජය කරමින් ඵෙතිහාසික ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.
ලකුණු 283 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ප‍්‍රබල ඉන්දීය පිලට ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි.
මෙම පරාජයත් සමග ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසිවිය. ‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ද, ‘බී’ කාණ්ඩයෙන්
ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීය.
මෙම ලකුණු 282 ක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකා පිල 2011 වසරේ අපේ‍්‍රල් මස 28 වැනිදා අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 මීට පෙර ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකාරියන් සිවුදෙනකු අර්ධ ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.
ඒෂානි ලොකුසූරිය නැවතත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැුස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය. ශ්‍රී ලංකා ඉහළතම බලාපොරොත්තුව වූ ආරම්භක පිතිකාරී චමරි අතපත්තු (04) පළමු පන්දුවට ගැසූ අලංකාර හතරේ පහරේ උණුසුම මැකී යන්නටත් පෙර පස්වැනි පන්දුවේදී දැවීගියාය.
පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබමින් දීපිකා රසාංගිකා සහ යශෝධා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 117 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් වූහ. යශෝධා මෙන්ඩිස් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූවාය.
දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් රැුස්කිරීමට සමත් වූවාය. දීපිකා රසාංගිකා සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියාය.
ශ්
රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ දීපිකා රසාංගිකා අංක තුන ස්ථානයේ පන්දුවට පහරදීමට කණ්ඩායම් කළමණාකාරිත්වය ගත් තීරණය පළදැරූ බවයි.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 282 (යශෝධා මෙන්ඩිස් 55, දීපිකා රසාංගිකා 84, ශෂිකලා සිරිවර්ධන 59, ඒෂානි ලොකුසූරිය නොදැවී 56, ජුලාන් ගොස්වාමි 63/3)
ඉන්දීය කාන්තා පිල ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 144 (තිරුෂ් කාමිනි 22, මිතාලි රාජ් 20, රීමා මල්හෝත‍්‍රා 38, ජුලාන් ගොස්වාමි 22, චමනි සෙනෙවිරත්න 10/2, ශෂිකලා සිරිවර්ධන 20/2)
ඡායාරූප - අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වෙබ් අඩවිය අනුග‍්‍රහයෙන්