ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 45-7 කින් තායිලන්තය පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.
සහභාගි වූ තරග දෙකම අතිරේක ප‍්‍රසාද ලකුණ සමගින් ජය ලබමින් ශ්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටියි. කසක්ස්තානය සහ තායිලන්තය තරගය බැගින් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 6 බැගින් හිමිකරගෙන සිටින අතර චීන තායිපේ පිල තරග දෙකම පරාජයට පත්විය.
ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා (6 වැනිදා) කසක්ස්තානයට එරෙහිව සහභාගිවන තරගයේදී ලකුණක් පමණක් ලබා ගැනීම පළමු ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ප‍්‍රමාණවත් වේ.
(ඡයාරූප: ශාන්ත රත්නායක)