ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ. කොදෙව් පිල 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.
දෙරට අතර පස්වැනි සහ අවසන් විස්සයි20 තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පෙරවරුවේ පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 101 (ස්ටෙෆෙනි ටේලර් 40, ඒෂානි ලොකුසූරිය 19/2, උදේෂිකා ප‍්‍රබෝදනී 14/2, ශෂිකලා සිරිවර්ධන 19/3)
ශ‍්‍රී ලංකා පිල ඕවර 19.3 කදී කඩුලූ 6 ට 102 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 16, නිපුනි හංසිකා 17, ශෂිකලා සිරිවර්ධන 19, දීපිකා රසාංගිකා නොදැවී 19, ස්ටෙෆෙනි ටේලර් 22/2)