ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායි පිලට පරදී


ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ මුම්බායි ඒකාබද්ධ පිල අතර මුම්බායිහි ජිම්කානා ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති පුහුණු තරගයෙන් මුම්බායි ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 189

(ශ්‍රීපාලි වීරක්කොඩි 11, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, සඳමාලි දොළවත්ත 27, ඒෂානි ලොකුසූරිය 14, චමනි සෙනෙවිරත්න 38, ප‍්‍රසාදිනී වීරක්කොඩි 39, ලක්‍ෂ්මන් යාදේව් 20/2, මුකුන්ඞ් සර්දාර් 21/2, මොහොමඞ් සයිඞ් 23/3)

මුම්බායි ඒකාබද්ධ පිල  ඕවර 42.3 කදී කඩුලූ 6 ට 194

(අෂුටොෂ් සිං 50, අභිෂේක් දේසායි 49, ශෂිකලා සිරිවර්ධන 26/2)