
(යොහාන් භාසුර)
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය දඹුල්ලේදී ලබන ජනවාරි මස 7 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) නිවේදනය කළේය.
එම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරග ජනවාරි මස 7, 9 සහ 11 යන දිනවල පැවැත්වේ.

