මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 503 දරණ ගුවන් යානය අද අළුයම හදිසියේ ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
මෙරටින් පිටවුහල් කරනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු එම යානයේ ගමන් කර ඇති බවත් ඉන් එක් අයෙකු තමන් ලග බෝම්බයක් ඇති බව කාර්‍ය මණ්ඩලයට පැවසීම නිසා මෙය සිදුවූ බව එම ගුවන්සේවය කියයි.
පසුව ගුවන් නියමුවෝ මේ බව ලගම ඇති පාලන මධ්‍යස්ථානයට දන්වා ලැබුනු උපදෙස් මත ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට යානය ගොඩ බස්වා ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය හීතෘ ගුවන්තොටුපොළ බලා යලි ගමන් අරඹා ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට ඔවුන් දෙදෙනාගේද ආගමන විගමන කටයුතු පරීක්ෂා කරමින් පවතින බවත් අනතුරුව ඔවුන් දෙදෙනාද මුදා හැරීමට නියමිත බව වාර්ථා වෙයි.