ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශීය නියමුවන්?


(සුජිත් හේවාජුලිගේ )

සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත්  ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන් නියමුවන් විශාල පිරිසක් විදේශගතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ  පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගුවන් සමාගමේ  පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ දෙන බවද  ඔහු එහිදී සඳහන් කළේය.