ශ්‍රී ලංකන් අද සිට මත්තලට නැහැ


ශ්‍රී ලංකන් ගුවන් සමාගම   කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ මුල්‍ය අලාභ ඇති අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දමන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇති බවයි.

ෆ්ලයි ඩුබායි, රොටානා ජෙට් සහ මිහින් ලංකා ‍යන ගුවන් සමාගම් තවම එවැනි තීරණයකට එළඹ නැති බව වාර්ථා වෙයි.