අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝරදුන් සමීපයෙහි රථවාහන 1600ක් නවතා තැබිය හැකි ගාලක් ඉදිකිරීමට යෑම පරිසර හානියකට හේතු වන බව උතුරු මැද පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජී ඩී චන්දිම ගමගේ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පැවැත්මට ඉන් දැඩි තර්ජනයක් මතුවනු ඇතැයි ඒ මහතා පළාත් සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
වසර 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරැණිම වෘක්ෂයක් ලෙස ශ්‍රී මහා බෝධිය සැලකේ.