දස දිනකට පෙර සිරිපා අඩවියේ ඉඳිකටුපානේ ලිහිණිහෙළ මහ කැලේ අතරමංව සිටි 48 හැවිරිදි කතක සොයා ගැනීමට පොලිසිය හා සෞඛ්‍ය සේවකයෝ සමත් වූහ.
වතුර බොමින් මහ වැස්සටද තෙමෙමින් මේ කත සොයාගන්නා විට ලිහිණිහෙළ ගල්තලාවක් මත වැතිර සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඇය දකුණු තලංගම රංජිනී කුරේ නම් කාන්තාවකි. ඇය වාඩිවී සිටි ගල්තලාව එහා පැත්තේ අඩි සිය ගණනක පල්ලමකි.

