ශ්‍රී ධරන්ගේ තිදෙනෙක් නිදහස්


පුරණ ද්‍රව්‍ය ළග තබා ගත්තැයි චෝදනා ලබා සිටි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රී ධරන්ගේ ලේකම් හා තවත් දෙදෙනකු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් නිදහස් කරනු ලැබුහ.

අරුණාචලම් වේලමලිදන් ,බාල සුන්දරම් ජෙයමාදන්  හා  පොන්නාම්බලන් ලක්තුමි කාන්තන් එසේ නිදහස් කරනු ලැබුවෝ වෙති.

ප්‍රේම රාජා වසන්තන් හා ප්‍රේමදාස් රාජසේකරන් යන දෙදෙනාට එරෙහි නඩුව ලබන 12 වැනිදාට කල් තැබිණි.