ශ්‍රාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයක් නැතිව කල්දමයි


(අසුන්තා එදිරිසූරිය)
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් අද (6) දිවයින පුරා මධ්‍යස්ථාන 13කදී පැවැත්වීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයකින් තොරව කල් දමා තිබේ.
අද දින ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට සිසුහු 4100ක් පෙනී සිටීමට නියමිතව සිටියහ.
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ධූරයට කලා පීඨයේම සුදුස්සකු පත් කරන ලෙස ඉල්ලමින් මෙම තීරණය ගෙන ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපතිවරයා විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇත්තේ ඊයේ (5) සවස බවද විශ්ව විද්‍යාල ආරංචි පවසයි.
මෙම විභාගය මීට පෙර 2016 දෙසැම්බර් පැවැත්වීමට නියමිතව තිබූ එකකි.