ආසියා කලාපයේ ශ‍්‍රමිකයින් විදේශ ගත කරන රටවල් හා ශ‍්‍රමිකයින් ලබා ගන්නා රටවල් අතර විදේශ රැකියා කර්මාන්තයේ කටයුතු මනා සම්බන්ධීකරණයෙන් 2030 ද අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට, ශ්‍රී ලංකාව කටයුතු කරන බව කොළඹ කි‍්‍රයාදාමයේ වත්මන් සභාපතිනි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ පවසයි. ඇය මෙම අදහස් ප‍්‍රකාශ කළේ 13 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි නුවර දී පැවති කලාපීය සහයෝගීතාවයන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීය.
කොළඹ කි‍්‍රයාදාමය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා ශ‍්‍රී ලංකාව ඇප කැප වී කි‍්‍රයා කරන බවත්, 2030 අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු වල ශ‍්‍රමික විගමනය සම්බන්ධයෙන් යෝජිත අරමුණු ළඟා කර ගැනීමට සකී‍්‍රීය පදනමක් මත කටයුතු කිරීමට කොළඹ කි‍්‍රයාදාමය වෙනුවෙන් නායකත්වය ලබා දෙන බවත් ඇය පැවසුවාය.






