ශ්‍රද්ධාට සති දෙකක නිවාඩුවක්


2016-09-21-ent-69

දින 20ක කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සති අන්තයේදී නැවතත් ඉන්දියාවට පැමිණි බව සඳහන්. ඇය මෙසේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් තිබුණේ ඇයගේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වූ "හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා බව වාර්තා වෙනවා.

ඇය නැවතත් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා සති දෙකක කාලයකින් පසුව සම්බන්ධ වීමට නියමිත බව සඳහන් වෙනවා. දින කිහිපයක් එකදිගට වැඩ කිරීම නිසා අධික තෙහෙට්ටුවට පත්වීම හේතුවෙන් ශ්‍රද්ධා ඉදිරි දිනකදී යොදා තිබු "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක්ද අත්හළ බවද සඳහන්.

ශ්‍රද්ධාගේ "හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටය ඇතුළු තවත් චිත්‍රපටය කිහිපයක්ද ලබන වසරේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.

 

2016-09-21-ent-68