ශසිකගෙන් වලීඩ්ට තර්ජනයක්


බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ ශසික රත්නතිලක පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 522 ත් සමග මුළු ඡන්ද 6119 ක් ලබාගෙන තිබේ. එ අනුව ඔහු එම කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවන ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රිට අභියෝගයක් එල්ල කිරීමට සමත්ව සිටී. ජිෆ්රිගේ මුළු ඡන්ද සංඛාව 7170 ක් වන අතර ඔහු පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 7 ක් පමණි.

ආරම්භයේ සිටම සමස්ත ලංකා කාණ්ඩයේ ඡන්ද සටහනේ පෙරමුණේ රැදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 765 ත් සමගින් ඡන්ද 18,000 සීමව පසු කිරීමට සමත්ව සිටී. මේ වන විට ඔහු ලබාගෙන සිටින මුලූ ඡන්ද ප‍්‍රමාණය 18,026 කි.

පසුගිය සති කිහිපය තුළ සමස්ත ලංකා කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත, පසුගිය සතිය තුළදී ඡන්ද 336 ක් ලබාගෙන ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 4439 දක්වා වර්ධනය කරගනිමින් එම කාණ්ඩය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 81 ත් සමග මුළු ඡුන්ද 1831 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.