ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

2022 වසරේදී අරගලකරුවන්  දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.

මෙම පැමිණිල්ල විභාග කරන ස්ථීර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා සිටි හෙයින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය.

සැකකරුට ඇප ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින දීමට නියමිත බවද පැවසීය.