
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
අධි රුධිර පීඩනය වැඩිවී කැරකිල්ල වැනි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවද හෙතෙම සඳහන් කළේය.
වෛද්‍ය ප්‍රතිකාර ලබාදී සුවවීමෙන් පසු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු සිටි මැදිරියට ( වාට්ටුවට) යළි ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

