ශෂී වීරවංශගේ පරීක්ෂණ අවසන්


හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබා දුන්නැයි කියන සිද්ධියේ රහස් පොලිස් පරීක්ෂණ  දැන් අවසන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  කියයි.

ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බැවින් මේ පරීක්ෂණ ඇරැඹිණි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රකාශ ද සටහන් කැර  ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවත්  මාධ්‍ය පවසයි.