ශෂී වීරවංශ අද උසාවියට


ජනාධිපතිවරණ සමයේ නීති විරෝධී පෙළපාළි ගියැයි කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතා කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ගැනීමට හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (23) රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

එහෙත් පෙරවරු 9.45 වන විටත් ඔහු නොපැමිණි බව එහි සිටින මාධ්‍යවේදීහු කියති.

වීරවංශ මහතාගේ බිරිය ව්‍යාජ ගමන් බලපත් සෑදීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.

සාමාන්‍ය ගමන් බලපත්‍රයේ හා රාජකාරි ගමන් බලපත්‍රයේ උපන් දින දෙක අතර වෙනස අවුරුදු හතරකියි ද රහස් පොලිසිය පවසයි.

වීරවංශ බිරිය සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.