ශෂිනිගේ 'ගැස්සෙමිනා' එළිදකී


තාරුණ්‍යයේ ගායිකාවක් වන ශෂිනි ඉද්දමල්ගොඩගේ ගීතයක් වන %ගැස්සෙමිනා^ ගීතය අද ඇයට ආදරය කරන රසිකයින් වෙනුවෙන් එලිදැක්විය. ශෙහාන් ගලහිටියාව විසින් පද රචනය කරනු ලැබූ අතර, එහි සංගීත නිර්මාණය කරනු ලැබුවේ ෂෙනාල් මද්දුමගේ විසින්ය. Ideal Idea Production ආයතනය විසින් මෙහි වීඩියෝව සිදුකරනු ලැබූ අතර, මෙහි අධ්‍යක්ෂණය හසිත විතානගේ විසින් සිදුකර ඇත. මේ පිළිබඳව "සාරවිට" අපිට පැවසුවේ මෙවන් අදහසකි.

"අලුත්ම වැඩක්, දැන් කාලේ යන අඬන රිගින්ටෝන් විලාසිතාවෙන් එහා ගිය, මිනිසුන්ට යමක් හිතන්න සහ අලුත් දෙයක් බලන්න පුළුවන් අලුත් වැඩක් තමයි කරලා තියෙන්නේ. මේක ඇත්තටම දවස් දෙකක රූගත කිරීමක්. ලොකු වියදමක් කරලා තමයි මේ දේ කරනු ලැබුවේ. මෙහිදී රංග ගමගේගෙ "ඩාන්ස් ස්ටූඩියෝ" විසින් තමයි Choreography නිර්මාණය කරේ. මේකප් කරනු ලැබුවේ, විහන්ගා සුබසිංහ විසිනි. සෑහෙන ලොකු සහයෝගයක් හැමෝගෙන්ම ලැබුණා. ශෙනාල් මද්දුමගේව මතක් කරන්න ඕනේ. ශෙනාල්ට ස්තූති කරන්න ඕනේ. ශෙනාල් සහ මම එකතු වෙලා තමයි අලුත් දෙයක් කරන්න ඕන කියලා කතාවුණේ. ඊටපස්සේ මේ විදිහට හොඳ සංකල්පයක් අධ්‍යක්ෂගෙන් ආවා. Ideal Idea Production එකේ සංඛනිත් එකතු වෙලා, ඒදෙන්නගෙන් ආපු ලොකු Output එකක් තමයි Finally මේ Concept එක Final කරේ. මේ ගීතය BBC රේඩියෝ එකෙන් සහ Saravita.lk යන වෙබ් අඩවියෙන් එළිදක්වනවා."

"ඇත්ටම මේක අලුත් වෙනසක්. ටිකිරි මලී ගීතයෙන් පස්සේ ගොඩක් දෙනෙක් ඇහැව්වා අලුත් සිංදුවක් නැද්ද, නැද්ද කියලා. ඒකට උත්තරයක් විදිහට තමයි ඔන්න. මනුෂ්‍යයෙක්ට රසවිඳින්න පුළුවන්, දෙයක් බලන්න පුළුවන්, දෙයක් මොකද වුනේ කියලා හිතන්න පුළුවන් Concept එකක් තමයි මේක. මොකද මේකේ අවසානයේදී තියෙන Story එකත් එක්ක විශාල වෙනසක් සිදුවෙනවා. මගේ රසිකයින් ඔක්කෝටම කියන්න ඕනේ, මේ අලුත් ගීතය බලන්න, බලලා ඔයාලාගේ Comments දෙන්න. සමීර වීරසිංහ, ලලිත්ට සහ මෙහි එළිදැක්වීමට සහභාගී වුණ හැමෝටම ස්තූති කරනවා. ඩාන්සින් කියන්නේ මට අමාරු විෂයක්, රංග ගමගේ සෑහෙන Support එකක් දුන්නා. හැමෝටම ආරාධනා කරනවා මේ ගීතය බලන්න. බලලා Comments දෙන්න කියලා. එවගේම මෙම ගීතය එළිදැක්වීමට සහයෝගය ලබාදුන් "Saravita.lk" ස්තූති කරනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-03-18-ent-81
2016-03-18-ent-82
2016-03-18-ent-83

2016-03-18-ent-87
2016-03-18-ent-88
2016-03-18-ent-89