
(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ(29) නියෝග කළේය.
අල්ලස් කොමිෂමේ ඉල්ලීම පරිදි සැකකරුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා ලබන දොළොස්වැනි දින සාක්ෂි සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා වන්දි මුදල් ලබා ගැනීම ඇතුළු පොදු දේපළ පණතේ චෝදනා යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇති බවට ඇති බවට සඳහන් කරමින් අල්ලස් කොමිසම මගින් සිදු කරන විමර්ශනයන්ට අදාළව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

