ශෂින්ද්‍ර යළි මහ ඇමැති


ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා  ඌව මහ ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ කොළඹ දී අද (30) දිවුරුම් දුන්නේය.

සන්ධානයේ සෙසු ඇමැති වරු දිවුරුම් දීම පසුවට කල් තැබිණි.ඊට හේතුව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත රටින් බැහැරව සිටීමයි.

ශෂින්ද්‍රගේ පියා කතානායක චමල් රාජපක්ෂ , අගමැති දි මු ජයරත්න ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන ,නිමල් සිරිපාල ද සිල්වා ,බැසිල් රාජපක්ෂ හා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු මේ අවස්ථාවට එක් වුහ