ශෂින්ද්‍ර පුර්ණ කාලින දේශපාලනයට


තව සති කිහිපයකින් සිය නිළයේ කාලය අවසන් වීමට නියමිත කතරගම දේවාලයේ  බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දේවාලයේ සියලු  ආදායම් හා බැරකම් ගැන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

 දේවාලයේ ඉඩම්  හා  ලැබුණු ආධාර පිළිබඳව ද  දේවාලයේ  මුදල් වියදම්  කළ ආකාරයද සොයා බලන බව එහි නිලධාරීයෙක් කියයි.

මහජන පැමිණිලි කිහිපයක් ගැනද පරීක්ෂණ කැරෙයි. මේ දක්වා සිදු කළ පරික්ෂණ අනුව දේවාලයේ වියදම් හා ලැබීම් පිළිබඳව නිවැරදි වාර්තාවක් ඉදිරිත් කර ඇති බව පෙනේ යැයිද කියයි.

පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීම සඳහා වසර 08ක් පුරා සිටි දේවාලයේ බස්නායක නිළයෙන් ඉවත් වන බවයි.

දේවාලයට ලැබුණු මුදල් වලට වඩා තමන්ගේ හිතවතුන්ගෙන් හා පැවති රජයෙන් අනුග්‍රාහකත්වය මත දේවාලයේ සංවර්ධන  රැසක් සිදු කළ බවයි.