හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම මන්ත‍්‍රීවරයාගේ භාර්යාව අභියාචනාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.
විත්තිකරුවන් සියලූ චෝදනාවන්ට වැරදිකරුවන් ලෙස නම් කරන ලෙසද ඔහුගේ භාර්යාව වන ශෂිකලා නඩරාජ් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටී. 2006 නොවැම්බර් 10 වැනි දා රවිරාජ් මහතාව ඝාතනය කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2015 ජූලි 20 වැනි දා මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය

