(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09) නියෝග කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අඩම්තේට්ටම් කිරීම හා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ වගන්ති ප්‍රකාරව කෙසෙල්වත්ත පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාව සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළාය.
මෙසේ ඇප නියම වුයේ හේමාලී විජේරත්න නමැති සැකකාරියට වෙි. සැකකාරියට දැඩි අවවාද කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කළාය .
මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිසි ටීවී දර්ශන වළ ඇතුළත් කරුණු පොලිසිය විසින් අධිකරණයට පැවසීමෙන් පසුව සැකකාරියගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය කොන්දේසි විරහිරතව සමාව අයදීමට සූදානම් බවය. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.
ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප