ඔක්තෝබර් 28 වැනිදා තිරගත වන ‘ශිවායි’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වෙන 19 වැනි වියෙහි පසුවන ශයේෂා ශිගාල්ට සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් විසින් සුබපැතුම් එක්කළ පුවතක් වාර්තා වෙනවා. ඒ ශයේෂාගේ සියා වු දිලිප් කුමාර්ගේ උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණු අතර, එහිදි සල්මාන් හා ශයේෂාගේ හමුව සිදුව තිබෙනවා.
සිය පළමු රංගනය පිළිබඳව සෑහීමට පත්වන බවත්, එය ඉදිරි අනාගතයට සුබදායක එකක් බවත්, සල්මාන්, ශයේෂාට පවසා තිබෙනවා. එමෙන්ම සල්මාන්ගේ නිෂ්පාදනයක් සඳහා ඉදිරියේදී ශයේෂාට සම්බන්ධ වීමටද අවස්ථාවක් ලැබී තිබෙන බවද සඳහන්. එමෙන්ම සරෝජ් පංචාලි හා ටයිගර් ෂෙරොෆ් දෙදෙනා සමගද ඇයට රඟපෑමට මේ වනවිටද අවස්ථාවක් ලැබී තිබෙන බව දැන ගැනීමට ලැබෙනවා.