ශ්‍රී පාද පද්මය වන්දනා කිරීමට ලක්ෂ හතරකට වැඩි සෙනඟක් සෙනසුරාදා (23) පැමිණි බව නුවර එළිය දිසාපති ඩී පී ඊ කුමාරසිංහ මහතා කියයි.
වාහන පෝලිම කිලෝමීටර් 20ක් දක්වා දික්වී තිබිණි. නල්ලතන්නිය- මස්කෙළිය දෙසින් එම වාහන දක්නට ලැබිණි.
වැඩිම සෙනඟ පැමිණ ඇත්තේ හැටන් මාර්ගයේය.
නල්ලතන්නියේදී වන්දනාකරුවකු මිය ගිය බව පොලීසිය කියයි.