ලෝකයේ විශිෂ්ටතම පාපැදි තරගය ලෙසින් සැලකෙන ප‍්‍රංශ සවාරිය අද (29 වැනිදා) ප‍්‍රංශයට අයත් කෝසිකා දූපතෙන් ආරම්භ වේ. 100 වැනි වරටත් පැවැත්වෙන මෙවර ප‍්‍රංශ සවාරියේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝ මීටර 3360 ක් වන අතර එය අදියර 21 කින් සමන්විත වේ.
ප‍්‍රංශ සවාරිය, දින දෙකක විවේක සහිතව, දින 21 ක් පුරා පැවැත්වෙන අතර ජූලි 21 වැනිදා අවසන් වීමට නියමිතය.
ප‍්‍රංශ සවාරිය ඉතිහාසයේ මහත් බලපෑමක් ඇති කළ ලාන්ස් ආම්ට්‍රෝන්ගේ අවුරුදු හතක රැවටිලි සහගත ජයග‍්‍රහණ හෙළි වීමෙන් පසු පවත්වන පළමු ප‍්‍රංශ සවාරිය මෙය වේ. ඒ නිසා මෙම වසරේ තරගාවලියේ වෙනස් අයුරකින් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
පසුගිය වසරේ ජයග‍්‍රාහී කණ්ඩායම බවට පත්වූ බි‍්‍රතාන්‍යයේ ‘ස්කයි’ කණ්ඩායම සිය පෙරළිකාර දස්කම් දැක්වූයේ කාලය මැනීමේ තරග වලදී බ‍්‍රැඞ්ලි විගින්ස් දැක්වූ දස්කම් හේතුවෙනි. වසර 100 කට වැඩි ඉතිහාසයක් හිමි ප‍්‍රංශ සවාරිය ජයගත් (2012 දී) එකම බි‍්‍රතාන්‍ය ජාතිකයාද බ‍්‍රැඞ්ලි විගින්ස්ය.
මේ වසරේදී අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් විගින්ස් ප‍්‍රංශ සවාරියට තරග නොකළද පසුගිය වසරේදී ඔහුගේ දෙවැනියා වූ කි‍්‍රස් ෆ්‍රෝම් ‘ස්කයි’ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරයි.
කි‍්‍රස් ෆ්‍රෝම් මෙම තරගවාරයේදී ඉදිරිපත් වූ තරග වලින් අදියර 4 ක් ජයගෙන ඇති අතර කඳුකර මාර්ග වලදී ස්කයි කණ්ඩායමේ වේගය සෙසු තරගකරුවන් බිය ගන්වන සුළු තරම් යයි කියැවේ. කෙසේ වෙතත් පසුගිය වසරේදී පසුබැස ගිය ස්පාඤ්ඤ තරගකරුවන් වන ඇල්බර්ටෝ කොන්තඩෝර් සහ ජෝකිම් රොඞ්රිගෝස් සටන පහසුවෙන් අතහැර දැමීමට සූදානම් නොවෙති.
වැළමිටි වංගු 21 කින් සමන්විත කඳුකර මාර්ගයක් වන ඇල්ප්ස් දුර්ගය තරණයේදී ඔවුන්ගේ දස්කම් මැනවින් බලාගත හැකිවනු ඇත.
දෙවතාවක්ම ප‍්‍රංශ සවාරිය ජයගෙන සිටින ඇලබර්ටෝ කොන්තඩෝර් (2007 සහ 2009) තහනම් උත්තේජක ගැනීමට වරදකරු වීම නිසා වසරක තරග තහනමකින් පසු නැවතත් ප‍්‍රංශ සවාරියට එක්ව සිටී.
කොත්නඩෝර් සහ ස්කයි කණ්ඩායමේ නායක කි‍්‍රස් ෆ්‍රෝම් අතර ඇත්තේ නොනවතින තරගයකි. 2013 පාපැදි තරග සමයේදී කි‍්‍රස් ෆ්‍රෝම් සහ කොන්තඩෝර් මුණගැසුණු සෑම අවස්ථාවකදීම බි‍්‍රතාන්‍ය ජාතිකයා ජයගත් නමුත් අද (29 සෙනසුරාදා) තරගකරුවන් 198 දෙනකු ආරම්භක සංඥාව සඳහා පෙළගැසෙන විට අතීතයේ ලද පරාජයන් හුදු සිදුවීම් පමණි.
ලෝ ප‍්‍රකට ප‍්‍රංශ සවාරිය පාපැදි තරගයේදී 1999 සිට 2005 දක්වා ජයග‍්‍රහකයා වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන් තහනම් උත්තේජක භාවිතා කළ බව පරීක්‍ෂණ වලින් ඔප්පු වීමෙන් පසු ඔහුගේ නම ජයග‍්‍රාහකයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබ ඇත.